2023 මැයි 24, ප.ව. 12:16
බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපි බලාපොරොත්තු වෙනවා මාස තුනක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන්කිරීම ආදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන්න. ඊට පස්සේ ගාස්තුවල ගැලපුමක් ඇති කරන්න ඕනේ. බස් ගාස්තුවට වඩා තුනෙන් එකක් අඩුවෙන් දුම්රිය ගාස්තුව පවත්වාගෙන යන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරන් ඒ අනුව ගාස්තු සංශෝධනයක් කළ යුතුයි. දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු ගැනීමේ දී ඉතාම අමාරුයි. මේ නිසා ආයතනය කාර්යක්ෂමතාවය පවත්වාගෙන යෑම සඳහා දෙපාර්තමේන්තු ගත ක්‍රමයෙන් බැහැර වෙන්න ඕනේ. ඒ නිසා අධිකාරියක් කරන්න 2001, 2002 කාලවලදී පනතක් හදලා තිබුණා. ඒක අවශ්‍ය ලෙස සංශෝධනය කරන්න මම වෘත්තීය සමිතිවලට සහ අදාළ බලධාරීන්ට දෙනවා. රටේ අනාගතය වෙනුවෙන් ඒකට සහයෝගය දෙන්න…”
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13