hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2022 අගෝස්‍තු 15, ප.ව. 12:07



මෙරට ඉහළ සංචාරක ආකර්ශනය  දිනා ගත් දුම්රිය ගමනාන්තයක් වන කොලඹ සහ බදුල්ල දක්වා නගරාන්තර අධි සුඛෝපභෝගී සති අන්ත “ඇල්ල ඔඩෙසි” දුම්රිය පසුගිය 13 වනදා පෙ.ව 5.30 ට ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් කොලඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරිණි.

මීට පෙර මෙම දුම්රිය මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය කෙරිණි. අද දින කොලඹ කොටුවෙන් ගමන් ආරම්භ කල මෙම බලවේග කට්ටල දුම්රිය මැදිරි 8 කින් සමන්විතය.

කලින් මුදල් ගෙවා මෙහි ආසන වෙන් කරගත යුතුවන අතර පලමු දෙවන සහ තෙවන පංතියේ ආසන වලින් දුම්රිය සමන්විත වේ.