hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 15, පෙ.ව. 12:03



රටේ පවතින ඩොලර් හිඟයට ප්‍රධාන විසඳුමක් වශයෙන් සංචාරක පැමිණීම අරමුණු කරගනිමින් , සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවයි ඒ මහතා කියා සිටියේ.

මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට එම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බව සභාපතිවරයා පැවසූ අතර , මේ සඳහා නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ , ඊට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් මෙරටට රැගෙනවිත් රාත්‍රී කාලයට සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවයි.