hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 10, පෙ.ව. 10:52



දකුණු ආසියාවේ විශාලතම බදු මූල්‍ය වංචාව ලෙස සැළකෙන රුපියල් කෝටි 400 කට අධික වැට් බදු වංචාව පිළිබඳ එවකට මුදල් නියෝජ්‍ය අමාත්‍ය, වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී. ජයසුන්දර මහතාට යැවූ ලිපියක් මේ වන විට ප්‍රසිද්ධි වී තිබෙනවා.

එහි දැක්වෙන්නේ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන මෙම වැට් බදු වංචාව සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැට් නැවත ගෙවීමේ අක්‍රමිකතාවයන් පිළිබඳ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලැබුණු තොරතුරු පිළිබඳ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කළ දැනුම් දීමක්.

එහි කාරණා 05ක් පිළිබඳව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කරුණු පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳ පවත්වනු ලබන පරීක්ෂණ නිමවන තෙක් එම අංශයේ ඉහල නිලධාරීන් වෙනත් අංශයකට මාරු කරන ලෙසද දන්වා තිබෙනවා.

එම තත්වය තුළ රජයේ මුදල් විශාල වශයෙන් වංචනිකයින් අතට පත්වීමක් සිදු වේ යැයි රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා එම ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියකු වූ එච්. ඒ. ඩී. එස්. ඒ. ක්‍රිස්ටි මහතා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු විගණනයට ලක්කරන අවස්ථාවේ මෙම දැවැන්ත මූල්‍ය වංචාවට අදාළ කරුණු හෙළිදරව් කරගෙන තිබුණා.

විගණන වාර්තා අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 388 ක අහිමිවීමක් අහිමි වී ඇති බව හෙළිකරගෙන තිබූ අතර මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ සිදුවුණා.

එම ලිපිය පහතින්,