hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 ජූනි 04, ප.ව. 8:51



අයහපත් කාලගුණික තත්ත්වයත් සමග එළවළු වර්ග රැසක කිලෝවක තොග මිල රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිනවා.

පසුගිය දිනවල එළවළු කිලෝවක සිල්ලර මිල රුපියල් 100 ත් 200 ත් අතර පරාසයක පැවැතියත්, මේ දිනවල අධික වර්ශාපතනයත් සමඟ එළවලු මිල ඉහළ ගොස් තිබෙනවා.

බෝංචි සහ ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 350ක් දක්වා ද, බීට් කිලෝවක තොග මිල රුපියල් 370 ක් දක්වාද, වැටකොළු කිලෝවක මිල රුපියල් 230 ක් දක්වාද, කරවිල කිලෝවක මිල රුපියල් 450 ක් දක්වාද, වම්බටු කිලෝවක මිල රුපියල් 300 ක් දක්වාද, දඹල සහ මුරුංගා කිලෝවක මිල රුපියල් 300 ක් දක්වාද, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 380 ක් දක්වාද වැඩි වී ඇත.

ඊයේ (04 වැනිදා) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක තොග මිල රුපියල් 850 ක් දක්වා ඉහළ ගොස් තිබු අතර, ඉඟුරු කිලෝවක තොග මිල රුපියල් 3000 ක් වී ඇත.

එමෙන් ම, තක්කාලි සහ රාබු කිලෝවක තොග මිල රුපියල් 80 ක් වුණා.

කෙසේ වෙතත් , කැකිරි කිලෝවක තොග මිල රුපියල් 40 ක් වූ අතර, පිපිඤ්ඤා කිලෝවක තොග මිල රුපියල් 70 ක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: