hit counter

2026 ජූනි මස 20 වන සෙනසුරාදා

2026 ජූනි 21, පෙ.ව. 12:08



කාංචනා අනුරාධි මෑතකදී බොහෝ විට කතා බහට ලක්වුනු කෙනෙක් බවට පත් වුණා.

ඊට හේතුව බවට පත්වෙන්නේ ඉතාමත්ම සුමිහිරි කටහඬක් හිමි ඇය ගායනා කරපු ගීත කිහිපයක්ම නිසාවෙන්.

කොහොම නමුත් ඇයට උරුම වුණ බොහොම ලයාන්විත කට හඬත් එක්ක ඉක්මනින්ම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන්නට ඇයට හැකියාවක් ලැබුන කාරණාවත් මෙහිදී සඳහන් කරන්න ඕනේ. 

ඉතින් ඒත් එක්ක ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම යන්නට ඇයට අවස්ථාවක් ලැබුණා.

”ගීතය නිකුත් වූ මොහොතේම මගේ රංගනයට උපරිම ප්‍රතිචාර ලැබුණා. දිනක්ෂි ප්‍රියසාද් අක්කා මගේ ළඟට ඇවිත් කිව්ව දේවල්වලට මගේ ඇඟ ගල් ගැහුණා. ‘ඔයාගේ ගායනය ගැන රටම දන්නවා. නමුත් ඔයා තුළ ඉන්න රංගන ශිල්පිනිය අද තමයි රටම දැක්කේ. මට ඇස් අදහාගන්න බැරි වුණා.’

සජිත අයියා වගේ අත්දැකීම් බහුල කෙනෙක් එක්ක රඟපාපු රංගනය ගැන මගේ පපුවට දැනෙන වර්ණනාවක් ලැබුණා.

වචනයෙන් කියන්න බැරි තරමට මම ගීතය ගැන සෑහීමකට පත් වුණා. මොකද, නිර්මාණයකදි මම ලේසියෙන් සෑහීමකට පත්වෙන කෙනෙක් නෙවේ. සජිත අයියත් එහෙමයි. ජැක්සන් අංකලුත් එහෙමයි කියලා සජිත අයියා මට කිව්වා. සෑහෙන අඩුවෙන් සෑහීමකට පත්වෙන මම මේ ගීතය ගැන උපරිමයෙන්ම සතුටට පත් වුණා. රෝහණ සර් කිව්වා සෑහීමකට පත් නොවීම කලාකාරයෙක්ගේ හොඳ ලක්ෂණයක් කියලා. නමුත් තුන්වැනි පාරටත් මම කියනවා මම නම් උපරිමයෙන් සෑහීමට පත් වුණා.

ගීතයෙන් පසු රංගනය සඳහාත් ආරාධනා ලැබුණා. දෙමළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබුණා. ඒ වගේම හේමාල් අයියා එක්ක චිත්‍රපටයක රඟපාන්නත් අධ්‍යක්ෂවරයෙක්ගෙන් ආරාධනාවක් ලැබුණා. ඒ වගේම සජිත අයියාවයි, මාවයි දාලා චිත්‍රපටයක් කරන්න කැමැති කෙනෙක් ඉන්නවා. ඒ වගේම සජිත අයියා මට හීනෙන්වත් නොහිතපු කතාවක් කිව්වා. එයාගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ මම කියලා. මෙච්චර කල් මම හිතාගෙන උන්නේ මම සංගීතය වෙනුවෙන් ඉපදුණා කියලා. නමුත් සජිත අයියගේ වචනෙත් නිකන්ම අහක දාන්න බැහැ. මේ නිසා සිනමාව ගැනත් හරියට අධ්‍යයනය කරලා සජිත අයියා වෙනුවෙන් ඒ නිර්මාණය කරන්න මම හිතාගෙන ඉන්නවා.

උපුටාගැනීම : පිනිපලස





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: