hit counter

2024 මැයි මස 22 වන බදාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 3:21



දිවයින පුරා එළවළු වෙළඳසැල් වල තොග සහ සිල්ලර එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල විශාල වශයෙන් පහත යමින් පවතින බව ගොවීන් වෙළෙන්දන් සහ අතරමැදි ව්‍යාපාරිකයෝ පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු අස්වැන්න විශාල වශයෙන් දිවයින පුරා සෑම ප්‍රදේශයකින්ම ලැබෙමින් පවතින බවත් එයට සාපේක්ෂවව එළවලළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන් ගේ අඩුවීම හේතුවෙන් එළවලු මිල මෙසේ පහත් යමින් පවතින බව වෙළෙනඳුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද (19) බෝංචි, ලීක්ස්, කැරට්, ගෝවා ආදී කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කිලෝව සියයට පනහකටත් වඩා අඩුවෙන් අලෙවි වන බව ඔවුන් පවසනවා.

ඒ අනුව පසුගියදා රුපියල් 550ත් 600ත් අතර ඉහළ මිලකට අලෙවි වූ බෝංචි කිලෝව රුපියල් 220ත් 300ත් අතර මිලකට අලෙවි වන බවත් ලීක්ස් කිලෝවක් රුපියල් 100කට අලෙවි වන බව ද ගොවීන් පෙන්වා දෙනවා.

මාලු මිරිස්, වම්බටු හැර අනෙකුත් සෑම එළවළුවක්ම විශාල වශයෙන් පැවැති මිලට වඩා 50% කින් අඩු මුදලකට අලෙවි වන බවද ඔවුන් පෙන්වා දෙන අතර එළවළු විකුණා ගැනීමට නොහැකිව දවස පුරා රැඳී සිට ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කොට අලෙවි කිරීම්ට සිදු වී තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (19) දින දහවල් වන විට පැවති එළවළු කිලෝවක තොග මිල මෙසේ.

ගෝවා 160 -1180

බෝංචි 220 – 240

ලීක්ස් 100 – 130

කැරට් 220 – 280

බීට්රූට් 55  – 70

තක්කාලි 180 -200

රාබු 50 – 80

නෝකෝල් 120 -150

කැරට් 220 – 280

පිපිඤ්ඤා 50 -70

අර්තාපල් අල 130 -140

වැට වැටකොළු 130 -150

බණ්ඩක්කා  40 – 70

පතෝල 160 -180

කරවිල  250 -280

වට්ටක්කා 120 – 130

වම්බටු 320 – 350

මෑ කරල් 90 – 120

දඹල 160 -200

අමු මිරිස් 320 -350

මාළු මිරිස් 450 – 500

තක්කාලි 160 -220

ලොකු ලුනු 130 -140

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: