hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 04, ප.ව. 2:00



දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු ව්‍යාපාරිකයන් කියා සිටිනවා.

දිවයින පුරා පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසා මේ දිනවල ඉල්ලුමට සරිලන සැපයුමක් ගොවීන්ට ලබාදීමට නොහැකි වීම හමුවේ එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

එලවළු මිලට සමගාමීව දේශිය වෙලදපොලේ රතු ලූනු කිලෝවක් රු 800 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ අනුව කැරට් කිලෝවක් රුපියල් 350, ගෝවා රුපියල් 280 , බෝංචි රුපියල් 450 , වම්බටු රුපියල් 350 , ලික්ස් රුපියල් 270 , දේශිය අර්තාපල් රුපියල් 350 , වට්ටක්කා රුපියල් 250 , මුරුංගා රුපියල් 240 , පතෝල රුපියල් 350 , වැටකොළු රුපියල් 320 , බිට්රුට් රුපියල් 250 , දඹල රුපියල් 300 , බණ්ඩක්කා රුපියල් 320 , අමු මිරිස් රුපියල් 400 , නයි මිරිස් රුපියල් 1000 , තත්කාලි රුපියල් 400 , මල්ගෝවා රුපියල් 650 , පොලොස් රුපියල් 120 , මඤ්ඤොක්කා රුපියල් 130 , බතල රුපියල් 180 , පිපිඤ්ඤා රුපියල් 150 සිල්ලර මිලකට අලෙවි කරයි.

තම වෙලදපොලේ දෛනික අලෙවිය සදහා එලවළු මිල දි ගැනිමට විශාල මුදලක් වැය වන බවත්, එම මුදලට සමගාමිව තමන්ට ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතාමත් අඩු බවයි එලවළු ව්‍යාපාරිකයන් කියා සිටියේ.