hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 13, ප.ව. 3:08



වාහන ආනයන සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගන්නා බව ජාතික ආර්ථිකය හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහුගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා රැස්වූ අතර එහිදී රේගු නිලධාරින් ප්‍රකාශ කළේ වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායම ලඟාකර ගැනීමට රේගුවට නොහැකි වී ඇති බවයි.

රේගුවෙන් රුපියල් බිලියන 1,226ක ආදායමක් මෙම වසරේ අපේක්ෂා කරන නමුත් මුල් මාස 05 තුළ දී උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 330ක් පමණක් බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

මේ මස සිට වාහන ආයනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 06 ඇතුළත රුපියල් බිලියන 150ක් බදු ලෙස ලබාගත හැකි බව ඔවුන් පෙන්වා දුන්නා.

රේගු නිලධාරින් එහිදී සඳහන් කළේ ණය ආධාර ක්‍රමයක් යටතේ වෙනත් රටක් සමඟ සම්බන්ධ වී වාහන ආනයනය කළහොත් විදේශ විනිමය ඉතිරි කරගනිමින් රේගු ආදායම වර්ධනය කරගත හැකි බවයි.