hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 02, පෙ.ව. 12:07



ශ්‍රී ලංකා‌වේ වාහන මිල ගණන් දැවැන්ත ලෙස කඩාවැටෙමින් පවතින බවත්, ඉදිරියේදී එය තවත් පහළ මට්ටමට යන බව වාහන අලෙවිකරුවන් පවසනවා.

මෙරට භාවිතා කරන ලද වාහන අලෙවිකරන ප්‍රධාන අලෙවිකරුවෙක් පැවසුවේ මෙවැනි දෙයක්.

“අපේ රටට වාහන ආනයනය නතර කර මේ වන විට වසර කිහිපයක්ම ගත වෙනවා. මේ වන තුරුත් ලංකාවට වාහන ආනයනය කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නෑ. එයයි සත්‍ය. ඊට හේතුව රට තුළ පවතින ආර්ථික ගැටළු සහ ඩොලරයේ ඉහළ පහළ යාම. වාහන ගෙන්වන්න ගියොත් ලංකාවේ ආර්ථිකය තවත් කඩාවැටෙයි කියලා වත්මන් ආණ්ඩුව බයයි.
එහෙම වාහන ගෙන්වුවත් ගෙන්වන්නේ ඉලෙක්ට්‍රික් වාහන විතරයි කියලත් පහුගිය දවස්වල රජය යම් යම් ප්‍රකාශ කරලා තිබුණා. මේ සියලු කාරණා පිළිබදව හරි හැටි අවබෝධයක් නොමැතිව වාහන ළග තියෙන හිමිකරුවන් හිතන්නේ තමන්ගේ වාහනේට උපරිම මිලක් නියම කරලා හොද ගාණක් අතට ගන්න, එකේ වැරැද්දක් නෑ. සල්ලි තියෙන කෙනා වාහනේ ගනීවි.
ඒත් බහුතරය රටේ තත්ත්වය මෙයයි.”

මේ අතර වාහන හිමිකරුවන් සිය මතය මුහුණුපොතේ විවිධ ගෲප් සහ පේජ් හරහා සදහන් කරන්නේ වාහන අලෙවිකරුවන් විවිධ ක්‍රම ඔස්සේ රටේ මේ වන විට පවතින වාහනවල මිල ගණන් අසාමාන්‍ය ලෙස අඩුකර ඒවා සොච්චම් මුදලකට මිලදී ගැනීමට බවයි.

වාහන අලෙවිකරුවන් තමන්ගේ වාහන අලෙවිකරණ ස්ථානයේ වාහන පුරවා ගෙන වැඩි කොමිස් මුදලක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය හරහා කටයුතු කරමින් සිටින බව වාහන හිමියන් සදහන් කරනවා.

මේ වන විට වෙළෙදපොළේ අලෙවි වන භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහතින්,

Premio (2017) – ලක්ෂ 130ත් – ලක්ෂ 135ත් අතර

Aqua G (2012) – ලක්ෂ 48 – ලක්ෂ 56ත් අතර

Vezal (2014) – ලක්ෂ 72 – ලක්ෂ 80ත් අතර

Fit (2012) – ලක්ෂ 47 / ලක්ෂ 53ත් අතර

Vitz (2018) – ලක්ෂ 71 / ලක්ෂ 76ත් අතර

Grace (2014) – ලක්ෂ 69 / ලක්ෂ 74ත් අතර

X-trail (2015) – ලක්ෂ 83 / ලක්ෂ 100ත් අතර

WagonR (2014) – ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Mahindra KUV 100 (2020) ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Alto japan (2017) – ලක්ෂ 40යි / ලක්ෂ 45ත් අතර

Panda (2015) ලක්ෂ 19 / ලක්ෂ 23ත් අතර

Alto (2015) – ලක්ෂ 25 / ලක්ෂ 27ත් අතර





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: