hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 15, පෙ.ව. 12:05



භාවිතා කරන ලද වාහනවල මිල ගණන් දිනෙන් දින පහත බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාහන අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය කිරීම නවතා දැමීමත් ලෙස නොවටිනා මිල ගණන් වලට වාහන අලෙවි කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතුව බවයි.

එමෙන්ම ලීසිං සමාගම් ද පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව වාහනවල අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම භාවිතා කරන ලද වාහන අලෙවිය කැපීපෙනෙන ලෙස අඩුවීමට හේතුවී ඇත.

මෙම තත්ත්වයන් සමග මේ වන විට භාවිතා කරන ලද වාහනවල මිල ගණන් මෙලෙස පහත බැස තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ මෙරට තුළ මේ වන විට ප්‍රචලිත වාහන කිහිපයක වර්තමාන මිල ගණන්

Premio (2017) – ලක්ෂ 130ත් – ලක්ෂ 135ත් අතර

Aqua G (2012) – ලක්ෂ 48 – ලක්ෂ 56ත් අතර

Vezal (2014) – ලක්ෂ 72 – ලක්ෂ 80ත් අතර

Fit (2012) – ලක්ෂ 47 / ලක්ෂ 53ත් අතර

Vitz (2018) – ලක්ෂ 71 / ලක්ෂ 76ත් අතර

Grace (2014) – ලක්ෂ 69 / ලක්ෂ 74ත් අතර

X-trail (2015) – ලක්ෂ 83 / ලක්ෂ 100ත් අතර

WagonR (2014) – ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Mahindra KUV 100 (2020) ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Alto japan (2017) – ලක්ෂ 40යි / ලක්ෂ 45ත් අතර

Panda (2015) ලක්ෂ 19 / ලක්ෂ 23ත් අතර





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: