hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 5:24



රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති‌බෙනවා.

ඒ අනුව නව ගාස්තු හෙට සිට ක්‍රියාත්මක කරනු ඇති.

නව ගාස්තු අනුව යතුරුපැදි සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 3,000ක් වනවා. පළමුවරට ලියාපදිංචි වීමේ දී සීසී 1600 හෝ සීසී 1600ට අඩු මෝටර් රථ සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 25,000ක්.

එමෙන්ම සීසී 1600ට වැඩි කිලෝවොට් 80ට වැඩි මෝටර් රථ සඳහා ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව රුපියල් 40,000ක් බවට අදාල ගැසට් නිවේදනයේ සදහන් වන්නේ. 

ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 2,000ක් වන අතර මෝටර් ගිලන් රථ, මෝටර් අවමංගල්‍ය රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 10,000ක් වනවා. විශේෂ කාර්ය වාහන පළමු වරට ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 30,000ක් වන බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.