hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 12:03



පසුගියදා ආනයන සීමා ලිහිල් කළ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන බස් රථ සහ විශේෂ කාර්යයන් සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලු විසඳීමට මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සම්බන්ධ ගැටලුව විසඳීමට තමන් සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

වාහන ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා මෙම අදහස් පළ කළ.

ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා මීට පෙර ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් නොවන බව වාහන ආනයනකරුවන් පෙන්වා දී තිබේ.

රජය පසුගිය කාලයේ ඇතැම් වාහන ආනයන සීමා ලිහිල් කළද එම වාහන ආනයනය කිරීමට යාමේදී ගැටලු මතුවූ බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ ගැටළුවලට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සාකච්ඡාවක් පවත්වන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව සොයා බලන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: