hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:02



පොදු ප්‍රවාහන සේවාවන් සඳහා යොදාගැනෙන බස් රථ හා ට්‍රක්රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් නිකුත් කළ චක්‍රලේඛය මගින් වසර 10 ක් පමණ පැරණි වාහන ගෙන්වීමට අවසර හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එහෙත් ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව අවුරුදු 10 පැරණි වාහන ගෙන්වීමේදී ඒවායේ මිලගණන් අඩු වුවත්, නඩත්තු වියදම , අමතර කොටස් සඳහා යන මිල ගණන් මෙන්ම ඉන්ධන වලට යන වියදම ආදිය සාපේක්ෂව වැඩි නිසා ඒ පිළිබඳව නැවත සලකා බැලීමක් කිරීමට සිදුවූ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

කෙසේ වෙතත් පෙර නිකුත් කළ චක්‍රලේඛය පසුගිය 14 වනදා දක්වා වලංගුව පැවති බැවින් එම කාලය තුළ ණයවර ලිපි නිකුත් කළ අයට පැවති චක්‍රලේඛය අනුව වාහන ගෙන්වීමට අවසර හිමි වනවා.

එසේම පෙරකී ආකාරයෙන් අනවශ්‍ය නඩත්තු වියදම් , අනවශ්‍ය අමතර කොටස් වියදම් හා අනවශ්‍ය ඉන්ධන වියදමක් ඇති නොවන ආකාරයෙන් බස් රථ හා ට්‍රක් රථ මෙරටට ආනයනය කිරීම සඳහා සුදුස කාලයකට බලපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛය ඉතා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: