hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 04, ප.ව. 3:05



වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, පෞද්ගලික වාහනවලට අදාළ එච්.එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බව‍යි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා සිටියේ, “පැවති විදේශ විනිමය හිඟතාව සහ අත්‍යවශය සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය හින්දා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව තහනම් කළා. සමහර දේවල් තහනමකට ලක්කිරීමක් සිදුකළා.”

“ඒ අනුව විශේෂයෙන් ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේ ම විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වුණා. එතකොට ආර්ථික ක්‍රියාකරකම්වලට හානි ඇති වුණා ඒ හරහා.”

“මේ වෙනකොට අපි ඉදිරි සතිය තුළ දී විශේෂයෙන් ම මේ පුද්ගලික වාහනවලට අදාළව එච්.එස් කේත 304කට අදාළ වන සීමාකිරීම් හැර අනෙකුත් සීමා කිරිම් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතන දී පුද්ගලික පරිභෝජනය සඳහා වන මේ වාහනවලට අදාළව එච්.එස් කේත 304 හැර අනෙක් ඒවා නිදහස් කිරීමකට භාජනය වෙනවා.”

“ඒ තුළ අනෙකුත් භාණ්ඩ සඳහා එච්.එස් කේත 299කුත් ඒවගේ ම විශේෂයෙන් ම එච්එස් කේත 67ක් අදාළ වෙනවා වාණිජ වාහන සඳහා. ඒකෙ දී මුලදි ගත්ත ක්‍රියාමර්ගය වෙනස් කරන්න අපි රජයක් හැටියට කටයුතු කළා.” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: