hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:02



නුදුරේදීම සියලුම වාහන ආනයනයට අවසර දීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව වාහන ආනයනකරුවන් කියා සිටිනවා.

ඒ හේතුවෙන් වාහන ආනයනයට අවශ්‍ය කටයුතු තම පාර්ශ්වය විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ යයිද ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් වාහන ආනයනය කලද වාහන මිලදී ගැනීමේ හැකියාව මද වීම හේතුවෙන් වාහන වලට ඉල්ලුම අඩු වනු ඇති බව ද ඔවුන්ගේ අදහසයි.

නමුත් වාහන ආනයනය හරහා දැනට මෙරට ඉහල මිල ගණන්වලට අලෙවි වන පාවිච්චි කරන ලද වාහන වල ඉහළ මිල ගණන් විශාල වශයෙන් පහළ යනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කරයි.

වාහන නැවත ආනයනය කිරීමේදී ඒ සඳහා වන ප්‍රතිපත්ති මාලාවක් මේ වන විට මුදල් අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතින අතර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර වාහන ආනයනය කිරීමට නුදුරේදීම රජය අවසර දීමට සූදානමින් සිටිනවා.

වෙලද ඇමති නලින් ප‍්‍රනාන්දු මහතාද මෑතකදී මේ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: