hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:02



රටට මුදල් එවන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට වාහන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය විනිවිධභාවයකින් යුතුව ක්‍රියාත්මක කර තිබෙනවා.

නීත්‍යානූලව බැංකු ක්‍රමය හරහා රටට මුදල් එවන විදේශ ගත ශ්‍රී ලාංකිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආනයනය සදහා වන, ආයනය බලපත්‍ර ලබාදීම ඇතුළු දිරිදීම් මගින් රටට ලැබෙන විදේශ ප්‍රේශණ ඉහළ දමාගැනීමට හැකියාව ලැබී ඇති බවත්, මෙම වැඩසටහන සම්පූර්ණ විනිවිධභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කරනවා.

මෙවැනි දිරිදීම් මගින් විදෙස් ප්‍රේෂණ 75%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දමාගැනීමට හැකියාව ලැබී ඇති බවත්, මේ වසරේ මුල් මාස නමයේදී ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4345ක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරනවා.

මේ ආකාරයට නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ ශ්‍රී ලාංකිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආයනය බලපත්‍ර 318 නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන තිස් අටක මුදලක් මෙරටට ලැබී තිබෙනවා.

මෙම වාහන ආයනය කරනු ලබන සියලු දෙනාටම රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන සම්පූර්ණ තීරු බදු ඇතුළු අනෙකුත් බදු මුදල් ගෙවීමට සිදුවන අතර එය රාජ්‍ය ආදායමට එක්වෙනවා.

විදේශ විනිමය නීත්‍යානුකූළ ක්‍රමය ඔස්සේ මෙරටට එවනු ලබන ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කරන අවස්ථාවේදී වාහන ආනයනකරුවන්ගේ සංගමය ඇතුළු වාහන ආයනයන ව්‍යාපාරයට සම්බන්ධ ආයතන හා සංගම් කැදවා වැඩසටහන සමග එක්වන ලෙසට ආරාධනා කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ඉහළ දමාගැනීම සදහා ගත හැකි සියලුම පියවර ගන්නා බවත්, පටු දේශපාලන අරමුණුවලට එම පියවර ආපසු හැරවිය නොහැකි බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: