hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 14, ප.ව. 7:05



වසර හතරකින් මෙරටට වාහන ආනයනය කර නොමැතිවීමෙන් පාරිභෝගිකයින් මෙන්ම ආනයනකරුවන් ද දැඩි දුෂ්කරතාවයට මුහුණ පා ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසුවේ, ලක්ෂ 4කට අධික පිරිසකට මේ හේතුවෙන් රැකියා අහිමි වී තිබෙන බවයි.

මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට සහනයක් ලැබේ යැයි බලා සිටිය ද, එය ද සිහිනයක් බවට පත්ව ඇත.

ඔහු පැවසුවේ, මේ වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට පහසුකම් සලසන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ බවයි.

ලංකා මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සීමා සහිත වාහන යම් ප්‍රමාණයක් ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: