hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2023 මැයි 24, ප.ව. 4:52



ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනින් යළි ජපාන වාහන ආනයනය ආරම්භ කරන බව ජපානයේ වාහන සමාගම් නියෝජිතයින් විසින් මෙරට වාහන ආනයනකරුවන්ට දන්වා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා රජය සමග සිදුකරන ලද සාකච්ඡාවලදි මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ජපන් රජය පාර්ශවයෙන් දන්වා ඇතැයිද ඔවුන් සඳහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතාවන් අනුව මෙම අවස්තාව හිමි වනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණා.