hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 28, පෙ.ව. 12:04



ඉදිරි මාස කිහිපය තුළදී වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ලිහිල් කිරීම සිදු වනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

පසුගිය වසරවල පැවැති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කර තිබුනා.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය වාහන සඳහා එම තහනම ක්‍රමක් ක්‍රමයෙන් ලිහිල් කිරීම සිදු වූ අතර ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රමුඛතාවයන් අනුව අනෙක් වාහන ආනයන සීමා ද ඉවත් කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ මත රාජ්‍ය ආදායම් සහ විදේශ විනිමය වර්ධනය වීම සහ රජය අපේක්ෂා කළ ඉලක්කයන් සපුරාලීමට සමත් වීම හේතුවෙන් මෙම ආනයන සීමා ඉවත් කිරීමට රජයට හැකියාව ලැබී ඇත.

ඒ අනුව අසීමිතව ඉහළ ගිය වාහන මිල වාහන ආනයනය කිරීමත් සමඟ 60%ක පමණ විශාල ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවයි එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් පවසා ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: