hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 05, ප.ව. 12:52



ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඒ සදහා මහ බැංකුව මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවයි.

මේ අතර පසුගිය ආණ්ඩුව සැප්තැම්බර් මාසයේ සඳහන් කළේ, මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර ලැබෙයි.

වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට බවත්, ඊට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව ඇති බවයි.

කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා.

අනතුරුව ඇතිවූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් එම තහනම/සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට මෙරට බලධාරීන් තීරණය කළ අතර,  එසේම භාන්ඩ වර්ග 2,000කට වැඩි ප්‍රමාණයක ආනයන නවතා දමා තිබූ අතර වරින් වර එම සීමාවන් ඉවත් කරනු ලැබීය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: