2023 මැයි 16, පෙ.ව. 12:06
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහය ලබාදෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ එම කැපවීම පැසසිය යුතු බවයි ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග ඊයේ (15) මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී මෙරට සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
අදාළ හමුවේ දී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකශ කර ඇත්තේ අදාළ පනතේ නව විධිවිධාන පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වීම සතුටට කරුණක් වන අතර ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතු වන බවයි.
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12