hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2022 මැයි 18, පෙ.ව. 11:26



යාපනය කෝපායි පොලිස් වසමේ තිරුනෙල්වේලි ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් එහි ගමන්ගත් තරුණයින් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකල බවට පොලීසිය පවසයි.

තිරුනෙල්වේලි රාමලිංගම් මාවතේ තරුණයින් පිරිසක් අධික වේගයකින් යුතුරුපැදි ධාවනය කොට ඇති බවටත් එසේ ධාවනය කරන ලද යතුරුපැදි දෙකක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණවලදී පොලීසිය විසින් අනාවරනය කොටගෙන තිබෙනවා.

යතුරුපැදි දෙකේ දෙදෙනෙකු සහ තිදෙනෙකු වශයෙන් ගමන්කොට ඇති අතර යතුරුපැදි පැදවූ තරුණයින් දෙදෙනාම එම ස්ථානයේම මිය ගොස් පසු පැදිකරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පසුපැදි කරුවෙකු මිය ගොස් ඇතියද පොලීසිය පැවසුවා.

අනතුරින් පසුව යතුරුපැදි දෙකම ගිනිගැනීමක් සිදුවීමෙන් ප්‍රදේශවාසීන් වහා එම ස්ථානයට පැමිණ ගින්න නිවා තුවාලකරුවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය නගරයේ පදිංචි 25 හැවිරිදි රොබින්දන් චාල්ස්, චුන්නාගම්හි පදිංචි 17 හැවිරිදි ලෝහනාදන් මර්වින් සහ කෝපායි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මහේන්ද්‍රන් මහින්ද්‍රන් නැමති අය බවට හඳුනා ගෙන තිබෙනවා.

අධික වේගය සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුව බවටත් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Example Image