hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 මැයි 26, ප.ව. 9:02



නිට්ටඹුව ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා ඝාතනය කර  ඔහුගේ රියදුරුගේ පසුම්බියේ තිබු ATM කාඩ්පත පැරගෙන ඉන් භාණ්ඩ මිලදී ගත් සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා දින මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති දෙදෙනෙකු බවත් පැහැර ගත් එම ATM කාඩ් පතෙන් ජංගම දුරකතන ඇතුළු රුපියල් ලක්ෂ 2 1/ 2 භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ATM කාඩ් පත රියදුරුගේ බිරිඳට අයත් එකක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

සිද්ධිය වූ දිනයේ රථය පැදවූ මෙම රියදුරු ඉවතට රැගෙන ගොස් මාර්ගයේ ඇති විදුලි පහන් කණුවක ගැටගසා පහරදී ඇති බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

රියදුරු පහර දෙන අවස්ථාවේ සැකකරු විසින් මෙම ATM කාඩ් පත සොරාගෙන ඇති බවත්, කාඩ් පතෙන් මිලදී ගත් භාණ්ඩ ඔවුන් යළිත් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර මුදල් ලබාගෙන මත්කුඩු පානය කර ඇති බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළා.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27, 28  වයස්වල පසුවන නිට්ටඹුව සහ වරකපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සඳහන් කළා.

මෙම සැකකරුවන් දෙදෙනා සමගම  නිට්ටඹුව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 14 දෙනකු අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළා.

Example Image