hit counter

2025 ඔක්‍තෝබර් මස 18 වන සෙනසුරාදා

2022 මැයි 31, පෙ.ව. 9:56



නවගත්තේගම, මුල්ලේගම ප්‍රදේශයේදී එක ම පවුලේ සහෝදරයෙකු හා සහෝදරියක ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතන සිදුව ඇති බවයි.

අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත් කිරීමට බිරිඳගේ වැඩිමහල් සොහොයුරෙකු පැමිණ ඇති අතර එහිදී ස්වාමි පුරුෂයා විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දෙනු ලැබ තිබෙනවා.

ඔහු බිරිඳට ද එම අවස්ථාවේදී පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසුවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 25 හැවිරිදි නැගණියයි.

සැකකරු ද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

හලාවත – ජූඩ් සමන්ත