hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 9:21



තමා සමග එකට සිටි කාන්තාවකට පහර දී ඝාතනය කර වත්තේ වළ දමන ලද බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වඳුරඹ පදිංචි 35 හැවිරිදි වතු කම්කරුවෙක්.

සැකකරු විසින් ඝාතනය කරනු ලැබ ඇත්තේ, එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 41 හැවිරිදි කාන්තාවක්.

තම සහෝදරිය අතුරුදන් වී ඇති බවට මියගිය කාන්තාවගේ සහෝදරියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ඉකුත් 13 වන දින තමා ඇයට පහර දුන් අතර එහිදී ඇය මියගිය බවයි.

පසුව මළ සිරුර වත්තේ වළ දැමූ බව ඔහු පවසා තිබෙනවා.

මළ සිරුර වළ දැමූ බව කියන ස්ථානයට මේ වනවිට ආරක්‍ෂාව යොදා ඇති අතර මහේස්ත්‍රාත්වරයා හමුවේ මළ සිරුර අද (16) ගොඩගැනීමට නියමිතයි.