hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 03, පෙ.ව. 11:34



යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පිරාම්පිඩ්ඩු, පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ ගිනිගැනීමක් හේතුවෙන් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් ඊයේ (02) දින මිය ගොස් ඇතයි පොලීසිය පවසයි.

රාත්‍රී විදුලිය විසන්ධි වීමෙන් පසුව අදාල සිසුවිය සිය නිවසේ කාමරයේ ලාම්පු එලියෙන් පාඩම් කරමින් සිට තිබෙනවා.

යාබද කාමරයේ සිසුවිය මව සහ පියාද සිට ඇති අතර එකවරම සිසුවිය ගිනිගන්නා බවටත් බේරාගන්නා ලෙසත් කෑ ගසා ඇතත් ඒ වන විටත් ගින්න නිවා දැමීමට නොහැකි තරම් ඇවිලීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න නිවා දමා සිසුවිය කාමරයෙන් පිටතට ගෙන තිබෙනවා.

ඒ වන විටත් දැඩි ලෙස පිලිසුම් තුවාල ලබා සිටි සිසුවිය සංගානෙයි රෝහලට ඇතුලත් කොට ඇතත් ඒ වන විටත් සිසුවිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මෙලෙස ගිනිගැනීමෙන් මිය ගොස් ඇත්තේ තෙලිප්පලෙයි මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ සුදර්සන් සදුර්සිකා නැමති සිසුවියක්.

මිය ගිය සිසුවියගේ කාමරයේ ඇති වූ ගින්නට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති අතර සිසුවියගේ දෙමාපියන්ගේ තොරතුරු වලට අනුව පාඩම් කරමින් සිටි ලාම්පුව පෙරලීමෙන් පළමුව ගිනිගෙන ඇති බවටත් දැරිය දැගලීමෙන් පසුව සිසුවියගේ පියා විසින් පසු ප්‍රයෝජනය සඳහා තබා තිබූ පෙට්‍රල් කෑන් එක පෙරලී සිරුරටම ගිනිගෙන ගින්න ව්‍යාපත් වූ බවට සැකයක් පවතින බවයි.

මිය ගිය සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් සංගානෙයි රෝහලේ තැන්පත් කොට ඇති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු ඉලවාලෙයි පොලීසිය සිදු කරයි.