hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2022 ජූනි 01, පෙ.ව. 9:32



වව්නියාව ගණේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියකගේ සිරුරක් ළිඳක තිබී ගොඩට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල සිසුවිය පෙරේදා (30) උදෑසන උපකාරක පංතියකට ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් නෙලුක්කුලම් පොලීසියට දැනුම් දී ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව අදාල සිසුවිය සෙවීමට පොලීසිය විසින් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දැරිය සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් නිල සුනඛයින් සහ යුද හමුදාවද එක්ව ඊයේ (31) රාත්‍රිය වන තෙක් සොයා ඇති අතර එහිදී දැරියගේ බවට සැක කෙරුනු සපත්තු දෙකක් ළිඳකට මීටර් 50 ක් පමණ ආසන්නයේ තිබී හමුවීම හේතුවෙන් එම ළිඳ පරික්ෂා කොට තිබෙනවා.

එහිදී ළිඳ තුල තිබී දැරියගේ මළ සිරුර හමු වී ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නැහැ.

කෙසේ වෙතත් සිසුවියය ළිඳට පැන සියදිවි හානිකරගත්තේද එසේත් නැතිනම් යමෙක් විසින් ළිඳට දැමුවේද යන්න පිළඳව සෙවීමට සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර මරණ පරික්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව අනාවරනය කර ගැනීමට හැකිවන බවට පොලීසිය පවසයි.

මිය ගිය දැරියගේ මව විදෙස්ගතව සිටින බවටත් ඇය ඥාතීන්ගේ නිවසක හැදී වැඩී ඇතැයිද අනාවරණය වන අතර මිය ගිය දැරිය 15 හැවිරිදි රාසේන්ද්‍රන් යදුසිකා නැත්තියක් බවටද වැඩිදුර පරික්ෂණ සිදු කරන වව්නියාව සහ නෙලුක්කුලම් පොලීසිය පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ

Example Image