hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 20, ප.ව. 12:00



මොරටුමුල්ල පොලිස් වසමේ මෝල්පේ අතුරු මාර්ගය අසල දෑත් ලණුවකින් ගැට ගසා මුඛය ප්ලාස්ටර්වලින් ආවරණය කළ, කැපුම් තුවාල සහිත මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මොරටුමුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ මළ සිරුර සොයා ගෙන ඇති බවයි.

පොලිස් නිලධාරීන් විසින් මෙම පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබ ඇති අතර, ඒ වන විට ත් ඔහු මිය ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

මරණකරුගේ අනන්‍යතාව තහවුරුවී නොමැති අතර වයස අවුරුදු 20ත් 25ත් අතර වූ උස අඩි 5ක් අඟල් 6ක් පමණ වූ නිල් පැහැති කමිසයක් සහ සුදු පැහැති දිග කලිසමක් හැද සිටින පිරිමි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද (20) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.