hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2022 මැයි 24, ප.ව. 4:00



මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අඩ නිරුවත් කර අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු ඊයේ (23) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් මේ මස හෙට (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි අරුෂ් කුමාර් (24) , ආර්.පුෂ්පනාත් (41) , ඒ.ගවස්කාර් (37) ,එස්.පරමභවන් (34) යන අයයි.

මෙම සැකකරුවන් සිව්දෙනා මස්කෙලිය නගරයේ නාටාමිවරයෙකු වශයෙන් කටයුතු කල අයෙකුට මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන් ඉකුත් (20) දින අල්ලා එක් සැකකරුවෙකුගේ වෙලදසැලට රැගෙන ගොස් අඩ නිරුවත් කර අමානුෂික ලෙස පහර දි එහි දර්ශණ ජංගම දුරකථනයෙන් පටිගත කර මුහුණු පොතට එක් කිරිම සම්බන්ධයෙන් හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් මත මස්කෙලිය පොලිසිය විසින් විමර්ෂණයක් සිදු කර සැකකරුවන් සිව්දෙනෙකු (23) දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරුවන් අදාල පුද්ගලයාට පහර දි අඩ නිරුවතින්ම ත්‍රිරෝද රථයේ නංවාගෙන නගරයෙන් පිටතට ගොස් ඔහුට නිවසට යන ලෙස පවසමින් ත්‍රිරෝද රථයෙන් බස්සවා ගොස් තිබෙනවා.

අදාල ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර , එම දර්ශන මුහුණු පොතට එක්කල සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, එම සැකකරුද අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

Example Image