hit counter

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 18, ප.ව. 2:25



යාපනය කොට්ටඩි ප්‍රදේශයේ පිහිටි නිවසක ඇතිකරමින් සිටි පරවි කූඩුවකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා පලා යාම හේතුවෙන් පරවියන් 10 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර පරවියන් 40 ක් පමණ සුලු පිලිසුම් සිහිතව ප්‍රදේශවාසීන් විසින් බේරා ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

කොට්ටඩි ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ ගෙහෙමියා විසින් පරවියන් ඇතිකිරීම හා විකිණීම සිදුකොට ඇති අතර පෙරේදා (16) දින ගෙහෙමියා නොමැති අවස්ථාවක නිවසට පැමිණි පිරිසක් විසින් පරවියන් කූඩුව තුල සිටියදීම කූඩුවට පෙට්‍රල් දමා ගිනිතබා පලා ගොස් තිබෙනවා.

පසුව පරෙවි කූඩුවට ගිනිගන්නා අයුරු අසල්වාසීන් දැක එම අවස්ථාවේදීම පැමිණ පරෙවි කූඩුවේ ගින්න නිවා දමා පරවියන් බේරා ගැනීම සිදු කලද ඒ වන විටත් පරවියන් 10ක් පමණ මිය ගොස් සෙසු පරවියන්ටද ගින්න හේතුවෙන් හානි සිදුව ඇතත් මිය යාමට නොදී බේරා ගෙන තිබෙනවා.  

අදාල ගිනිතැබීම ගෙහෙමියා සමග ඇති වූ පෞද්ගලික ආරවුලක් මත සිදුවන්නට ඇතැයිද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසුවා.