hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 ජනවාරි 19, ප.ව. 2:16



උසස් පෙළ 2022 (2023) විභාගයට පෙනී සිටීම සඳහා අයැදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල අඩුපාඩු පවතී නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එය නිවැරදි කර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත්ජ යසුන්දර මහතා ඉල්ලා සිටිනවා.

අයැදුම්පත් භාරගැනීම අන්තර්ජලය හරහා (online) සිදු කළ බවත්, පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන් ද පුද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර සංශෝධනයන් සිදු කරගත හැකි බව ද ඒ මහතා කියා සිටියා.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 278,196 ක් සහ පුද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් පෙනී සිටීමට නියමිතයි.

විභාගය ජනවාරි 23 වැනිදා ආරම්භ වී පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වෙනවා.

පෙරේදා (17) මධ්‍යම රාත්‍රි 12.00 න් පසු විභාගයට අදාළ උපකාරක පන්ති ඇතුළු සියලුම ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් බව ද ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.