hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2024 ජූනි 09, පෙ.ව. 12:12



මේ වනවිට පවතින වර්ෂාවත් සමග කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

ගත වූ දින 5 තුළ පමණක් අදාළ දිස්ත්‍රික්කවලින් රෝගීන් 497 දෙනෙකු වාර්තා වී ඇති බවත් ජනවාරි මාසයේ සිට මේ දක්වා රෝගීන් 25,417 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 9ක් බවද සදහන් කරයි.

එනිසා ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ, පවතින තත්ත්වය සළකා බලා දුමායන කටයුතු සහ පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: