hit counter

2025 නොවැම්‍බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50



විශේෂ කාර්ය බලකාය සඳහා යතුරු පැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ.

එම බලකාය වෙත පැවරී ඇති රාජකාරී ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314 න් 90%ක් පමණ වසර 10 කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වේ.

එම තත්ත්වය විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් වී තිබේ.

මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්ධනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව ඵලද‍ායි ලෙස ඉටු කිරීමට හැකිවන පරිදි විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරු පැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම පිණිස මහජන ‌ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: