hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:12



අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙලේබද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් සිදුකර ඇති බවට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මේ වනවිට අනාවරණ කරගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු පිස්තෝලයක් හා ජීව උණ්ඩ 13ක් සහ පතුරන් ගැබක් සමග අත්අඩංගුවට ගත්තේය.

කෙහෙල්බද්දර පද්මේගෙන් ජීව උණ්ඩ 13ක් සමග පිස්තෝලයක් තමන් මිලදී ගත් බව එම ව්‍යාපාරිකයා පවසා ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක් පළමුව ඉල්ලා ඇති අතර අනතුරුව රුපියල් ලක්ෂ තුනහමාරක් දක්වා අඩු කළ බව ව්‍යාපාරිකයා හෙළි කර ඇත.

තවද කෙහෙල්බද්දර පද්මේගේ කළු සල්ලි ප්‍රසිද්ධ නිළියන් හරහා සුදු කර ඇතිද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: