hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 23, පෙ.ව. 9:14



මෙරටින් ළමා ලාදුරු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනා නොගත් ලාදුරු රෝගීන් ගැවසෙන තත්ත්වයක් පවතින බැවින් ඔවුන් හදුනාගනිමින් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරනවා.

මේ අනුව මෙම වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට රෝග ලක්ෂණ පෙන්නුම් කළ ලාදුරු රෝගීන් 124 දෙනෙකු හදුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ නිලංගී සුභසේකර මහත්මිය සදහන් කළා.

මෙම රෝගය බැක්ටීරියාවක් මාර්ගයෙන් කෙළ බිදිති මගින් බෝවන බැවින් රෝග තත්ත්වය සහිත අයෙකු අසල වැඩි කාලයක් ගැවසීම මත බෝවීම සිදුවන බවත් සම අවපැහැ ගැනීම සහ ගැටිති ඇතිවීම මෙන්ම වේදනා නොමැති කැළල් ඇතිවීමෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන බැවින් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවත් වෛද්‍යවරිය පෙන්වා දෙනු ලැබුවා.

එක් ආසන්නයේ ගත කිරීම පාසල් සිසු දරුවන් අතර සිදු වන බැවින් ඉහත පෙන්නුම් කළ සමෙහි රෝග ලක්ෂණ මතුවුවහොත් මව් පියන් අවධානය යොමු කොට සමේ රෝග වෛද්‍යවරකු වෙත යොමු කළ යුතු බවද ඇය පෙන්වා දෙනු ලැබු අතර දිවයිනෙහි හදුනාගෙන ඇති ලාදුරු රෝගීන්ගෙන් සියයට 13 ක් පමණ පාසල් සිසු දරුවන් බව පෙනී ගොස් ඇති බවත් සදහන් කළා.

මෙම රෝග තත්ත්වයට පාත්‍ර වූවන්ගෙන් කලක් ගොස් බෝවීමක් සිදුවිය හැකි බැවින් 2017 වර්යේදී ලාදුරු රෝගීන් ලෙස හදුනාගෙන ප්‍රතිකාර ලැබූවන්ගේ ළඟම ආශ්‍රිතයින්ගේ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීමට මේ දිනවල ජාතික වශයෙන් පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා,

“2021 සහ 2022 වසරේ මේ දක්වා ළමා ලාදුරු රෝගීන්, ඒ කියන්නේ වසර 14ට වඩා අඩු වයසේ ඇති රෝගීන් 250 දෙනෙක් පමණ අප රට තුළ වාර්තා වුණා. මෙය ප්‍රතිශතයක් ලෙස ගත්තහම අපිට හමුවන ලාදුරු රෝගීන්ගෙන් 14%ක් පමණ වෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල මේ අගය ඉතා වැඩි අගයක් ගන්නවා. උදාහරණයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ 25%ක් පමණ ළමා ලාදුරු රෝගීන්. මේ ළමා ලාදුරු රෝගීන් වැඩියි කියන එකෙන් අදහස් කරන්නේ, රෝගීන් හඳුනාගැනීම වැඩියි. ඇත්ත වශයෙන්ම ඒකට හේතුව තමා පසුගිය වසර 3 තුළ ලාදුරු රෝගීන් හඳුනාගැනීමේ අඩුවක් සිදුවුණා කොවිඩ් වසංගත තත්ත්වය සමග. අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් දරුවන්ගේ, ලාදුරු රෝගයේ මුලික ලක්ෂණයක් වන සමේ පැහැයට වඩා අඩු පැහැයෙන් යුතු ලපයක් හෝ ඒ ලපවල දැනීමේ අඩුවක් වුණොත් හරි අතපය හිරිවැටීමක් වගේ ගතියක් තිබුණොත් ළඟම තියෙන සමේ රෝග සායනයට යන්න. එතැන දී ඔබේ දරුවාට ලාදුරු ද නැද්ද කියලා හොයා ගන්න පුළුවන්.”