hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 17, ප.ව. 3:20



කොන්ත්‍රාත් පදනම මත පළාත් පාලන ආයතනවල සේවයේ නිරතව සිටින පිරිස ලබන වසරේ ස්ථීර සේවයට ඇතුළත් කරගැනීමට නියමිතව තිබෙන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසුවා.

ඒ අද (17) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්.

ඒ අනුව ලබන වසරේ දී කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සේවකයින් 8,400ක් ස්ථීර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“සමහර අය කියනවා අරක නෑ. මේක නෑ කියලා. හැමදේම අයවැය පොතට ඇතුළත් කරන්න බෑ. රජය තීන්දු කරලා තියෙනවා අපි දන්නවා පළාත් පාලන ආයතනවල ප්‍රාදේශීය සභාවල, නගර සභාවල අපේ අහිංසක තරුණ තරුණියන් අනියම් හැටියට විවිධ රැකියාවල නිරතවෙලා ඉන්නවා කොන්ත්‍රාත් පදනම මත. ඒ අය අවුරුදු ගාණක් සේවය කර කර ඉන්නවා ස්ථීර නෑ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් කියනවා අපේ රජය විෂය භාර අග්‍රාමාත්‍ය තුමා, රාජ්‍ය අමාත්‍ය තුමා සියලුදෙනාම ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ වනවිට තීරණය කරලා තියෙනවා 8,400ක් වෙච්ච පළාත් පාලන ආයතනවල ඒ සේවකයින් ස්ථීර සේවයට 2024 වර්ෂය තුළ ඇතුළත් කරන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: