hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 09, පෙ.ව. 10:18



නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරියක් විසින් අනවසර වෙලදසැලක් ඉදි කිරිමට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් ඊයේ (08) එයට විරෝධය පාමින් උද්ඝෝෂණයක නිරත වුණා.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් නගරයට ආසන්නයේ තම වතු යායට අයත් ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි ඉඩමක කොටසක් අදාල මන්ත්‍රිවරිය විසින් බලහත්කාරයෙන් අල්ලා අනවසර වෙලදසැලක් ඉදි කර ඇති බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

බගවන්තලාව ටින්සින් වතු යායට අයත් ඉඩම් පිටස්තර පුද්ගලයන්ට අත්පත් කරගැනිමට ඉඩ ලබාදිය නොහැකි බවත්, මෙම අනවසර ඉදි කිරිම ඉවත් කිරිමට කටයුතු නොකලහොත් ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි තම වතු යායේ ඉඩම් තමන්ද අත්පත් කරගැනිමට කටයුතු කරන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

ටින්සින් නගරයේ පිහිටි නෝර්වුඩ් ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටද උද්ඝෝෂණයේ නියලි සිටි වතු කම්කරුවන් පසුව අනවසර ඉදිකිරිම සිදු කර ඇති ස්ථානයටද පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා.

අනවසරෙන් ටින්සින් වතුයායට අයත් යැයි පැවසෙන ඉඩමක අනවසර ඉදි කිරිමක් සිදු කර ඇතිද යන්න කරුණු විමසිමට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ අදාල මන්ත්‍රිවරිය සම්බන්ධ කර ගැනිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යාප්ත වු නිසා ඒෂියන් මිරර් අප ඒ පිලිබදව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අදාල මන්ත්‍රිවරිය ඉදි කිරිම සිදු කර ඇත්තේ වතුයායට අයත් ඉඩමක නොව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතයේ බවයි.

එම ඉදි කිරිම ඉවත් කිරිමට තමන්ට නිතිමය බලයක් නොමැති බවද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැවසුවා.