hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 13, ප.ව. 12:21



තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ වනවිට කරළියට පැමිණ ඇත්තේ මෙරට මෑතකාලීන විශාලතම මූල්‍ය වංචාවේ පෙරළිකාරිය ලෙසයි.

මෙරට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයින් ඇසුරු කරමින් අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසය ද වංචාවන්ගෙන් පිරී පවතින බව හෙළිදරව් වී තිබෙනවා.

මේ අතර තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා වලට අදාලව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට කොළඹ අපරාධ දෙපාර්තමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

දිසානායක මහතා සඳහන් කළේ අදාළ ඇත්ත තොරතුරු ලබා දෙන ලෙසයි.

එම තොරතුරු ලබා දුන් පසු එම තොරතුරු තමන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන බවද පවසා සිටියා.

එම තොරතුරු අපරාධ දෙපාර්තමේන්තුව ලබා නොදුන්නොත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව කොළඹ මහාධිකරණය නඩුවක් ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් සඳහන් කළා.

https://youtu.be/F35Vufyb0fY




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: