hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 10:44



කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ තුළ අලූතින් වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරිමට කොළඹ වරාය නගර ආර්ථික කොමිසම නීති ක්ෂේත්‍රයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසුවා.

ඒ අනුව ඉදිරියේ දී වරාය නගර ප්‍රදේශය තුළ අධිකරණ කටයුතු සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි පැවසු එම ප්‍රකාශකයා මෙම සාකච්ඡා සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද සඳහන් කළා.

එම අධිකරණ බල ප්‍රදේශය තුළ ව්‍යාපාර ආශ්‍රිතව උද්ගත වන සිදුවීම් හා වාණිජ කරුණු සම්බන්ධයෙන් පවරන නඩු කටයුතු වලට මෙම අධිකරණය යොදාගත හැකි බව ද හෙතෙම සඳහන් කළා.

දැනට සිදුකරන සාකච්ඡා වලට අධිකරණ අමාත්‍යාංශය ඇතුළු නීති ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධ වී සිටින බව පැවසූ එම ප්‍රකාශකයා ඒ අනුව ලබන වසර තුළදී වරාය නගර වාණිජ මහාධිකරණය පිහිටුවීමේ කටයුතු සිදු වනු ඇතැයි වැඩිදුරටත් සඳහන් කළා.