hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 14, පෙ.ව. 6:00



ඉදිරි මැතිවරණය සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් තරග වදින බව ගාලුමුවදොර අරගලයෙහි ඉදිරිපෙල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ දනිෂ් අලි සඳහන් කරනවා.

දනිෂ් අලි තවදුරටත් කියා සිටියේ පසුගිය අරගල කාලයේදී කොළඹ සියලු මන්දිර අත්පත් කරගෙන පෙන්වා අවසන් බවයි.

එනිසා එහි දේශපාලන බලය අත්පත් කරගෙන කොළඹ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන බවද ඔහු තවදුරටත් කියා සිටියා.

එහිදී දනිෂ් අලි මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා අපි කියනවා. මූලිකව අපි කොළඹ අල්ලමු වෙනස් කරමු කියන සටන් පාඨය එක්ක යන්නේ නැහැ. මොකද අපිට කොළඹ හදන්න ඕනේ. කොළඹ මිනිස්සු ශිෆ්ට් එකට නිදාගන්නේ මිනිස්සුන්ට එදා වේල හරියට කන්න නැහැ. මේ රටේ අගනගරයක් බලන්න පාරවල් දිගේ කුණු ඇහිඳලා කන මිනිස්සු ඉන්නවා මේ කොළඹ. ඔය අලි, පොහොට්ටු, ඊට පස්සේ හෙලිකොප්ටර, දැන් දකින ටෙලිෆෝන්, නැත්නම් ඔය එන්.පී.පී. හැම පක්ෂයක්ම තිබ්බා. හැබැයි කිසිම දෙයක් කරේ නැහැ.”

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“අද ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, කොළඹ නගර සභාව සඳහා ඇප මුදල් බැන්දා. කොළඹ නගර සභාවට ඉදිරිපත් වෙන අපේ තේමා පාඨය කොළඹ අල්ලමු, වෙනස් කරමු. කොළඹ ඇල්ලුවා පසුගිය දශක ගණනාව ඇතුලේ ධනපති පක්ෂ නායකයෝ. අපායක් කොළඹ කියන්නේ ලංකාවේ ප්‍රධාන නගරය. අපි මේ ප්‍රධාන නගරය බරපතල පරිවර්තනයක් කරන්නයි මෙවර ඉදිරිපත් වෙලා තිබෙන්නේ. කොළඹ නගර සභාව සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ සාමාන් ය අය නෙවෙයි. ඒ අය මේ රටේ පාලකයෝ එලවපු අය. දනිෂ් අලි සහෝදරයා ඇතුළු මේ සහෝදරවරු පසුගිය වසරේ රාජපක්ෂලා එලෙව්වා. ගෝඨා එලෙව්වා. මහින්ද එලෙව්වා. ඒ නිසා අපටයි උරුමය. අරගලයටයි අයිතිය. කොළඹ නගර සභාවේ අයිතිය. ඒ සඳහා අපි ආයාචනය කරනවා, කොළඹ දුක් විඳින ජනතාවට, වැඩ කරන ජනතාවට, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ බැලුම ලකුණට ඔබගේ ඡන්දය ලබා දෙන්නට කියලා.”