hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 10, ප.ව. 8:44



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි දෙවන දිනටත් මරණකරුගේ පාර්ශවය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවීමට අද (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළා.

මරණ පරීක්ෂණ සාක්ෂි සඳහා වූ නඩුව උදෑසන විවෘත අධිකරණයේදී කැඳවනු ලැබුණු අවස්ථාවේදී මෙලෙස මරණකරුගේ පාර්ශවය විසින් සිදු කරන ලද ඉල්ලීම මත නිල මැදිරිය තුළ කැඳවීමට නියම කෙරුණා.

ඒ අනුව, අදාළ මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මාධ්‍යයට ද විවෘත නොවී අප්‍රසිද්ධියේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබුවා.

අද දහවල් 12.30ට පමණ එය ආරම්භ වූ අතර පැයකට අධික කාලයක් සාක්ෂි කැඳවීම සිදු කළා.

මෙම සිද්ධියට අදාළව මරණ පරීක්ෂණ සාක්ෂි මෙහෙය වීමේදි මරණකරු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර්ගේ සහෝදරයා වන රමේෂ් ශාෆ්ටර් සාක්ෂි ලබා දුන්නා.

අනතුරුව නැවත සාක්ෂි විමසීම ලබන 13 වන දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියම කළා.