hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 08, ප.ව. 2:30



විදුලිය විසන්ධි කර නැවත ලැබීමේ දී නිවාස රැසක විදුලි උපකරණ වලට හානි සිදුවීම පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවා.

මෙවැනි පැමිණිලි තමන්ට ලැබුණත් වගකිවයුතු වගකිව යුතු පාර්ශ්ව වලින් සහනයක් නොලැබීම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටින බව ද විදුලි උපකරණ වලට හානි වීම් ලක්ෂපාන, හැටන්, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක සිදුවී ඇති බවට වාර්තා වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළා.

පසුගිය කාලයේ ගෑස් සිලින්ඩර් පුපුරා යෑමෙන් හානියට පත්වූ නිවාස වලට ද නිසි වන්දියක් නොලැබීම හමුවේ විදුලිය නිසා හානි වන විදුලි උපකරණ වලට වන්දියක් නොලැබෙනු ඇතැයි සිතා මහජනතාව පැමිණිලි කිරීමෙන් වැළකී සිටින බවත් ඔහු පැවසුවා.

විදුලි බිල වැඩිකිරීම නිසා ලබා දෙන විදුලිය පිළිබඳව ද ගුණාත්මක තත්වයක් පැවතිය යුතු වුවත්, විදුලි බිල වැඩි කර විදුලි කප්පාදුවත් සිදු කර, විදුලි උපකරණ වලට ද හානි වන තත්වයක් පැවතීම රටක් වශයෙන් අපි ලැජ්ජා විය යුතු තත්ත්වයක් බව ද විතානගේ මහතා වැඩිදුරටත් පැවසුවා.