hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 01, පෙ.ව. 11:37



මල්වතු – අස්ගිරි උභය පාර්ශ්වය ඇතුළු මහා සංඝරත්නය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තම තීරණය ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ යැයි ආණමඩුවේ ධම්මදස්සී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනාහිමියෝ ඊයේ (31) පැවැසූවා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන විවෘත ප්‍රකාශයක් කිරීමට මේ අවස්ථාව සුදුසු නැතැයි ද එසේ වුවහොත් මහා සංඝරත්නය ජාතිවාදී ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ලවිය හැකි යැයි උන්වහන්සේ සඳහන් කළා.

උන්වහන්සේ මේ බව පැවැසුවේ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හා පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිත පිරිසක් ඊයේ (31) වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමි මුණගැසීමට පැමිණි අවස්ථාවේයි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් මෙහිදී සඳහන් කළේ උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය එක්ව විශේෂ කතිකාවක් පවත්වා ගන්නා ලද තීන්දු තීරණ ඉදිරි පාර්ලිමේන්තු රාජාසන කතාවට පෙර ජනාධිපතිතුමන් හට ලැබීමට සලස්වන බවයි.