2022 නොවැම්‍බර් 02, පෙ.ව. 10:10
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසුවා.
අද (02) උදෑසන 7.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මිපිටිය ප්‍රදේශයේදියි.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටි අනතුරට පත් වි ඇත්තේ.
තුවාල ලැබුවන් අතර පෞද්ගලික බස් රථයක රියදුරා සිටින බවත්, එම මාර්ගයේ අනතුර බහලු වශයෙන් සිදු වන වංගුවක් අසල මෙම අනතුර සිදු වි ඇති බවත්, බස් රථ දෙකම අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
එම බස් රථ දෙකේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සේවය කරන සේවක සේවිකාවන් පිරිසක්ද සිට ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:04