hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 28, පෙ.ව. 5:57



ශිෂ්‍යත්ව විභාගයේ ඉහල ප්‍රථිපල ලබාගත් දරුවන් ඇගයිමට ලක්කිරීම මෙන්ම අඩු ප්‍රතිඵල ලබාගත් දරුවන්ගේ සිත් නොතැලෙන අයුරින් හා ඔවුන්ගේ ආත්ම ශක්තිය දුර්වල නොවන අයුරින් කටයුතු කිරිම දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකිමක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පදනම්ව දරුවන් වර්ගීකරණය නොකරන ලෙසත් ශිෂ්‍යත්ව විභාගය ළමා කාලයේදී දරන්න බැරි තරම් පීඩනයක් ගෙන දිපු විභාගයක් බවද රූමි රූබන් මහතා පෙන්වා දෙනවා.

මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද සඳහන් කළා.

“ශිෂ්‍යත්ව විභාගය සමාජීය වශයෙන් වැදගත් විභාගයක් වුවත් එහි ප්‍රතිඵල මත පදනම්ව දරුවන් වර්ගීකරණය කරන්න එපා  දක්ෂ හා අදක්ෂ දරුවන් කියලා දරුවන් ගැන හිතන්න එපා. දරුවන්ගේ සිත් තලන්න එපා අල්ලපු ගෙදර දරුවාගේ ප්‍රතිඵල ඥාති දරුවන්ගේ ප්‍රථිපල සංසන්දනය කරලා දරුවන් අධෛර්ය කරන්න එපා. දරුවන් විභාගයට මුහුණ දීලා කරපු කැපවිම අගය කරන්න. දරුවන් කුමන ප්‍රතිඵල ලබාගත්තද ලබාගත් ප්‍රතිඵල අගය කරලා අඩුලුහුඩුකම් හදුනාගෙන අනාගතයේ දි ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්න දරුවන් දිරිගන්වන්න. ශිෂ්‍යත්ව විභාගය නිසා පසුගිය කාලයේ දි අතපසු වු දේවල් කිරිමට ළමා මනස යොමුකරන්න. සමාජ කුසලතා හා පෞර්ෂ්‍යත්ව වර්ධනය ඒ දේවල වැදගත්.”