hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 26, පෙ.ව. 11:27



පසුගියදා සිදු කළ ගිනි තැබීම් හා අලාභ හානිවලට ලක්වූ නිවාස, ගොඩනැගිලි හා දේපළවලට වන්දි ගෙවීමේදී එම දේපළ උපයා ගත් අන්දම තහවුරු කිරීමේ නිර්නායක සහිත ක්‍රමවේදයක් සකසා කළ යුතු යැයි මූල්‍ය උපදේශකවරයෙක් වන වරලත් ගණකාධිකාරි ප්‍රශාන්ත අබේකෝන් මහතා ප්‍රකාශ කළා.

විශේෂයෙන් ආදායම් බදු ගෙවා ඇති ගොනු, වත්කම් බැරකම් ප්‍රකාශන, ව්‍යාපාර ඇත්නම් ඒවායේ වාර්ෂික ගිණුම් වාර්තාද, රක්ෂණ පිළිබඳ තොරතුරුද ඉදිරිපත් කිරීම අනිවාර්යය කෙරෙන වැඩපිළිවෙළක් අවශ්‍ය යැයිද ඔහු සදහන් කළා.

ගිනි තැබූ හා විනාශ කළ දේපලවලින් අති බහුතරය මැති ඇමතිවරුන් හා දේශපාලනඥයින් සතුවන අතර ඔවුන් අතරින් කිසිවකු හෝ සතුව හෙළි නොකළ වත්කම් තිබුණි නම් ඒවාට වන්දි ගෙවීම තුළින් “කළු සල්ලි සුදු වීමට” ඉඩකඩක් ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.

එවැනි ඉඩකඩක් කිසිසේත්ම ඇති විය යුතු නැතැයි කී අබේකෝන් මහතා වන්දි ගෙවීම් කටයුතුවල මූලික අංගයක් ලෙස මෙකී නිර්නායක සකස් කිරීම සිදු විය යුතු යැයිද සදහන් කළා.

අබේකෝන් මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (25) පැවති මාර්තු 12 ව්‍යපාරයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.