hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 4:30



මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සංචාරක ඉන්ධන අවසරපත ඊයේ (05) හඳුන්වාදී තිබෙනවා.

මෙම සංචාරක ඉන්ධන අවසරපත මගින් විදෙස් සංචාරකයන්ට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව, සිය අවශ්‍යතාවය අනුව ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

ඕනෑම විදේශ මුදල් ඒකකයකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගැනීමේ පහසුව සලසා ඇති අතර දිවයින පුරා පිහිටි 300කට අධික Ceypetco සහ LIOC ඉන්ධන පිරවුම්හල්වලින් එම පහසුකම ලබාගත හැකිවනු ඇති.

මේ අතර ඔක්තෝබර් 01 වැනිදා සිට රජය අයකරන සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ( SSCL) හේතුවෙන් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සහ අන්තර්ජාල දත්ත ඇතුළත් පෙරගෙවුම් හා පසුගෙවුම් සේවා ගාස්තු ඉහළ නංවන බව දුරකතන සමාගම් නිවේදනය කර තිබෙනවා.

ඒ යටතේ මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තුද ඉහළ නංවා තිබෙනවා.