hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 3:56



අලුත් රාජ්‍ය ආයතනයක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින්.

රටවටා පිහිටි දූපත් සමූහය සංවර්ධන කර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමේ අරමුණින් මෙම නව අධිකාරිය ස්ථාපිත කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය පිහිටුවීම සදහා වන කැබිනට් පත්‍රිකාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රට වටා දූපත් 60 කට අධික ප්‍රමාණයක් පිහිටා ඇති අතර මෙම දූපත් සමූහය සංවර්ධනය කර සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීමෙන් මෙරට ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගත හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලොව බොහෝ රටවල පිහිටි දූපත්වල ආර්ථික විභවතාවයන් ඇගයීමට ලක්වුවද ශ්‍රී ලංකාව වටා පිහිටි කුඩා දූපත්වල ආර්ථික විභවතාවයන් මෙතෙක් නිසි ඇගයීමට ලක්ව නැති බවද ඔහු වැඩිදුරටත් පැවසූවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: