hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 12:00



අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක වන බවත් ඒ යටතේ දැනට පවතින කලාප අධ්‍යාපන කාර්යාල අනූ හය එකසිය විස්සක් දක්වා වැඩි කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

මේ අතර ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

අතිරේක ලේකම්වරයකු යටතේ මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන අතර පරිපාලන මෙන් ම විෂයමාලා ප්‍රතිසංස්කරණ ද මෙම මධ්‍යස්ථානයට පැවරී තිබෙනවා.

විෂයමාලා ප්‍රතිසංස්කරණවල නියාමන ව්‍යාපෘතිය ද ලබන වසර ඇතුළත ක්‍රියාත්මක කිරීමට මධ්‍යස්ථානය සැලසුම් කරමින් සිටියි.

මෙම ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල ක්‍රමයක් හඳුන්වා දෙන අතර සිසුන්ට පෙළපොත් වෙනුවට ලබා දෙන්නේ එක් එක් පාඩමට අදාළව සකස් කෙරෙන මෙම මොඩියුලයන් ය.

ශ්‍රේණි තුනකට අදාළ මොඩියුලයන් ජාතික අධ්‍යාපන ආයතනයෙන් මේ වන විට සකස් කර අවසන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙතෙක් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ලද්දේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙනි.

‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය’ ස්ථාපිත කර තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කිරීම හේතුවෙන්.

ප්‍රතිසංස්කරණ භාරව කටයුතු කළේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ආචාර්ය උපාලි සේදර මහතාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: